ගුරු – විදුහල්පති ගැටලු විසඳිමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට – ජී.එල්.පීරිස් මහතා

ගුරු විදුහල්පති ගැටලුව නිරාකරණය කිරීම සදහා යෝජනා අද පස්වරුවේ රැස්වන කැබිනට් මණ්ඩලයට යොමු කරන බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ.


මේ අතර රාජ්‍ය සේවය සදහා නිකුත් කළ චක්‍ර ලේඛයට අනුව පාසල්වල අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල අද සිට සේවයට වාර්තා කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ලිපියක් නිකුත් කර තිබුණා.


සියලුම පළාත්, කලාපීය,ප්‍රාදේශීය අධ්‍යාපන බලධාරීන් විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අනධ්‍යන සේවකයන් රාජ්‍ය සේවය සදහා නිකුත් කළ චක්‍ර ලේඛය අනුව කටයුතු කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුම් දී තිබුණේ.

කෙසේ වෙතත් මෙම නිවේදනය සමග එකග නොවන බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ.