මරණ තර්ජන ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනවා – මහින්ද ජයසිංහ

තමන්ට එල්ල වූ මරණ තර්ජන සම්බන්ධයෙන් අද (02) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලැමිණිලි කරන බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කරයි. (+8210-7675-2216)


ඔහු පවසන්නේ මෙම පුද්ගලයා කොරියාවේ සිට තමාගේ දුරකථනයට ලබාගත් ඇමතුමක් හරහා මෙලෙස මරණ තර්ජන එල්ල කළ බවත් මෙලෙස මරණ තර්ජනය එල්ල කිරීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක වියයුතු බවත්ය.


එමෙන්ම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලයටද පැමිණිල්ල බාරදෙන බවත් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ වැඩිදුරටත් පවසයි.