කොවිඩ් වසංගතයේ දරුණුතම අවස්ථාවට රට පත්ව තිබෙනවා..!

කොවිඩ් වසංගතයේ දරුණුතම සහ උච්චතම තත්ත්වයට රට මේ වන විට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.


වෛද්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කලේ දිනෙන් දින සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙම වෛරසයට ගොදුරු වෙමින් පවතින බවය.

“අපේ සෞඛ්‍ය ධාරිතාව ඉක්මවා යන තත්ත්වයට යොමු වෙලා තියෙනවා. මේ තත්ත්වය යටතේ රෝහල් ඇදන් දැඩි සත්කාර පහසුකම් මේ සියල්ල ම ධාරිතාව ඉක්මවන මට්ටමකට ඇවිත් තියෙනවා”.


මේ වසංගත තත්ත්වය අපේ කාර්ය මන්ඩලය වෛරසයට ගොදුරු විම නිසා අප මානව සම්පත පිළිබද උග්‍ර ගැටලුවලට මුහුණ දෙමින් මේ අවස්ථාවේ සිටින බවත් ඔහු සඳහන් කළේය.