මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහාචාර්යවරයා ඉල්ලා අස්වීම; රාජපක්ෂ මණ්ඩලය ශොක් වෙයි..!

මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහාචාර්යවරයා ඉල්ලා අස්වීමේ ප්‍රකාශය කිරීමත් සමඟ ඉහලම රාජපක්ෂවරුන් තිදෙනා දැඩි කැලඹීමකට පත් වී බව අනාවරණය වේ.

මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ඉතාලියේ සිට ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ සමඟ වෙන වෙනම මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. වාර්තාවන අන්දමට මොවුන් තිදෙනා තිගැස්සීමකට පත්ව ඇත්තේ ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහාචාර්යවරයා මෙවැනි ප්‍රකාශයක් සිදුකරනු ඇතැයි කිසිසේත්ම අපේක්ෂා කර නැත.


මෙයට පෙර අවස්ථා කිහිපයකදීම ඔහු මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වී ඇති අතර එවකට මුදල් ඇමතිව සිටි මහින්ද රාජපක්ෂගේ කාරුණික ඉල්ලීම නිසා එයින් වැළකී සිට ඇත.

එහෙත් මහින්ද රාජපක්ෂට මුදල් ඇමති ධුරය අහිමිවීම සහ ඔහු විදේශගතවීමත් සමග කිසිදු අයෙකුට පූර්ව දැනුම්දීමකින් තොරව ලක්ෂ්මන් මහාචාර්යවරයා ඉල්ලා අස්වීම සිදුකර ඇත.


කිසිදු ජාත්‍යන්තර මූල්‍ය ආයතනයක තනතුරක් බාර ගැනීමේ සූදානමක් නොමැති බව ප්‍රකාශ කිරීම නිසා රාජපක්ෂවරුන්ගේ මුහුණ දුන් අර්බුදය දැඩි වී ඇති බව හෙළිවේ.

මේ අතර ජනාධිපතිවරයා මේ මස අවසානයේදී යොදාගනෙ තිබෙන ඇමරිකානු සංචාරය පිළිබඳව නැවත සලකා බැලීමට තරම් මෙම ඉල්ලා අස්වීම ප්‍රබල වී ඇති බවද ආණ්ඩුවේ ආරංචිමාර්ගවලින් හෙළිවේ.