බන්ධනාගාර තුළ වියරුවෙන් නැටූ ඇමති ලොහාන් රත්වත්තේ ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙයි..!

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබේ.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කරමින් ඔහු පවසා ඇත්තේ සිය අමාත්‍යංශයේ කාර්යයන් ඉතාමත් සාර්ථකව සිදු කරමින් සිටි බවත් මේ වනවිට මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු හමුවේ ආණ්ඩුව අපහසුතාවයට පත් නොකිරීමේ අරමුණින් සිය ඉල්ලා අස්වීමට තීන්දු කළ බවත් ඊට අනුමැතිය ලබා දෙන ලෙසයි.


කෙසේ වෙතත් පසුගිය දින කිහිපයකදී වාර්තා වූ අන්දමට බන්ධනාගාර රාජ්‍ය ඇමතිවරයා වැලිකඩ බන්ධනාගාරයටත්, අනුරාධපුර බන්ධනාගාරයටත් රුවන්වැලි මහා සෑයටත් තවත් පිරිසක් සමඟ රාත්‍රී කාලයේ බීමතින් ගොස් වියරුවෙන් හැසිරී තිබේ.


මේ සම්බන්ධයෙන් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍ය හරහාද බරපතළ විරෝධයක් එල්ල වෙමින් පැවති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතවරියද ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කරන්නේ සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රජයේ යුතුකමක් බවයි.


එවැනි තත්වයක් හමුවේ ඇමතිවරයා මෙලෙස තමන්ගේ එක් අමාත්‍ය ධූරයකින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.