ඇමති ලොහාන් බලයෙන් වියරු වැටේ; වහාම මොහු අත්තඩංගුවට ගන්න..!

රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ බන්ධනාගාරවලට කඩා වැදී සිදු කරන වියරු හැසිරීම්වලට එරෙහිව විශාල විරෝධයක් ගොඩ නැගෙමින් තිබේ.

පසුගිය දින 4ක් තුළ, මුලින්ම වැලිකඩ බන්ධනාගාරයට බීමතින් කඩා වැදුණු බන්ධනාගාර රාජ්‍ය ඇමතිවරයා 13 වෙනිදා අනුරාධපුර බන්ධනාගාරයට ද කඩා වැදී අතිශය බරපතල තත්වයක් නිර්මාණය කර ඇත. එහි රඳවා සිටින සිරකරුවන් කැඳවා හිසට පිස්තෝලය තබා තර්ජනය කරමින් අඩන්තේට්ටම් කර ඇත.


මෙම වියරු ක්‍රියාවට ඔහු සමඟ සහචරයින් කිහිප දෙනෙකු සහ කාන්තාවක්ද එක්වී සිටි බවත් මාධ්‍ය වාර්තාවල පළවේ. වහාම මොහු අත්තඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට විවිධ පාර්ශවවලින් බලපෑම් කෙරෙමින් තිබෙන අතර TNA සංවිධානයේ මන්ත්‍රීවරුන් මේ අතර පෙරමුණේ සිටිති.