GMOA හෙට වැඩවර්ජනයක – ලේකම් ශෙනාල් ප්‍රනාන්දු මහතා

සීමාවාසික පත්වීම් හි කටයුතු කළ වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීම මුල් කරගෙන හෙට දින (20) පෙරවරු 08.00 සිට පැය 24ක කාලයක් වැඩ වර්ජනයක නියැලීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (19) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම සංගමයේ ලේකම් ශෙනාල් ප්‍රනාන්දු සඳහන් කරනුයේ නීත්‍යානුකූල මාරු කිරීම් මණ්ඩලවල අවසන් එකඟතාවකින් තොරව මෙම සීමාවාසික වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුකිරීම් ක්‍රියාත්මක කිරීම නිසා දුෂ්කර ප්‍රදේශයන් හී රෝහල් සහ කෝවිඩ් ප්‍රථිකාර මධ්‍යස්ථානවල ක්‍රියාකාරිත්වය සිදුකරනු ලබන සීමාවාසික වෛද්‍යවරුන් ස්ථාන මාරු කිරීම තුල එහි ක්‍රියාකාරිත්වය බිඳ වැටීමක් සිදුවිය හැකි සේම ඒ පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු සැලකිල්ලක් නොගෙන කටයුතු කිරීම තුල ගැටළු ගණනාවක් පැන නගින බවයි.


එමෙන්ම සෞඛ්‍ය ලේකම්වරායාගේ අත්තනෝමතික ක්‍රියාවන් නිසා සෞඛ්‍ය සේවය අර්බුදයට පත්ව ඇති බව පවසන එම සංගමයේ ලේකම්වරයා සඳහන් කරනුයේ හෙට දිනයේ සිට දිස්ත්‍රික්ක පහක සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන යාමට නොහැකි ව තිබෙන බවත් වර්ජනය ක්‍රියාත්මක වුවද නොවුනද කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානවල වෛද්‍යවරු හෙට සිට සේවයේ නොමැතියි බවද සඳහන් කරයි.


වැඩ වර්ජනය ක්‍රියාත්මක කළද හදිසි ප්‍රතිකාර ක්‍රියාත්මක කරන බවත් කොවිඩ් ප්‍රතිකාර පවත්වාගෙන යාමට උත්සහ කරන බවත් ශෙනාල් ප්‍රනාන්දු මහතා පැවසීය.